මෙරට තුල ව්‍යාප්ත වන බව හදුනාගත් නව කොරෝනා ප්‍රභේදයෙන් ශ්‍රී ලංකාව බරපතල තර්ජනයකට මුහුණ දී නොමැති බව ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂණ හා වසංගත රෝග පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
ඔහු කියා සිටියේ නව කොරෝනා ප්‍රභේද වෙනුවෙන් නව එන්නතක් නිපදවන තෙක් පවතින එන්නත් නව ප්‍රභේදයෙන් ආරක්ෂාව වීම සදහා ද භාවිතා කරන බවයි.
මේ වන විට කොරෝනා එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක වන බවද වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පැවසුවා.
පසුගිය සතියේ ඉන්දියාවෙන් කෝවිඩ් -19 එන්නත් මාත්‍රා 500,000 ක් මෙරටට ලබාදෙනු ලැබුවා.
එය මේ වන විට 38,000 ක පිරිසක් වෙනුවෙන් ලබාදී තිබෙනවා.