මෙරට තුළ කොරෝනා වෛරසය බෝ වීමේ ප්‍රවණතාවය යළි වැඩිවීමත් සමග, දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් වීමේ සීඝ්‍ර වැඩිවීමක් නිරීක්ෂණය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පැවසුවේ මෙරටින් මෙතෙක් වාර්තා නොවූ කොරෝනා වෛරස් ප්‍රභේදයක් ද පසුගිය දවස් කිහිපය තුළ දී මෙරටින් හඳුනාගෙන ඇති බවයි.
මේ පිළිබඳව විද්‍යාත්මක දත්ත සමාලෝචනය සහ තොරතුරු අධ්‍යනය දැනටමත් සිදු වන බව ද එම නිවේදනයේ සඳහන්.
එබැවින් සියලුදෙනා මෙම වර්ධනය වෙමින් පවතින තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව ද සෞඛ්‍ය බලධාරීන් පවසනවා.
එළඹෙන කාල පරිච්ඡේදය පුරා යළිත් වරක් සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදිමින්, අනවශ්‍ය ගමන් බිමන් හැකිතාක් අවම කරමින්, කොරෝනා ආසාදන තත්ත්වය රට පුරා පැතිරීම වැළැක්වීමට සියලු දෙනා සහය විය යුතු බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.