නව කොරෝනා ප්‍රභේද අවදානම සමග පකිස්ථානය තුල දැඩි සීමාවන් පනවා තිබෙනවා.
ඒ අනුව ඉරාන, පකිස්ථාන දේශසීමාව සම්පූර්ණයෙන් වසා දැමූ බවයි පකිස්ථාන මාධ්‍ය වාර්තා පවසන්නේ.
මේ අතර පකිස්ථානයේ සිට අසල්වැසි රටවලට ගමන් කිරීමට ඇති ගොඩබිම් සීමාවන් වසා දැමීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබෙනවා.
දකුණු හා නැගෙනහිර ආසියාවේ කොරෝනා රැල්ල බිහිසුණු මට්ටමින් ව්‍යාප්තවීම මීට හේතුවයි.