නව කොරෝනා රැල්ලේ මරණ අනුපාතය සියයට 100කින් ඉහළට

කොරෝනා පළමු හා දෙවන රැල්ලට සාපේක්ෂව මරණ අනුපාතය 100% කින් ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පෙන්වා දෙනවා.

මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ (07) 5,000 ඉක්මවා ගිය අතර පසුගිය මස 31 වැනිදා දක්වා සිදුවු මරණ පිළිබඳ දත්තවලට අනුව වසංගත රෝග විද්‍යා ඒකකය මෙම මරණ අනුපාතයේ ඉහළ යාම පෙන්වා දී තිබෙනවා.

පළමු රැල්ලේ මරණ අනුපාතය සටහන්ව තිබුණේ 0.03 ලෙස වූ අතර දෙවන රැල්ලේ එම අනුපාතය 0.64 කි.

ඩෙල්ටා ප්‍රභේදය මතුවීමත් සමග මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යාමක් හා දැඩි සත්කාර ඒකකවලට ඇතුළු කරන සංඛ්‍යාව ද වර්ධනය වී තිබෙනවා.

 

 

පුවත යවන්න