නැගෙනහිර පර්යන්තය කාටවත් දෙන්න බෑ /ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 10ක් විරුද්ධයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට හෝ වෙනත් පාර්ශ්වයකට ලබාදීමට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිවීමට ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ 10ක් එකඟතාවයකට එළඹ තිබෙනවා.
ඒ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේදී පැවැති විශේෂ සාකච්ජාවකින් පසුවයි.
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරු ද මෙම සාකච්ජාවට එක්ව සිටියා.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත අර්බුදය සම්බන්ධයෙන් වරාය වෘත්තිය සමිති ආරම්භ කළ අකුරට වැඩ කිරීම අදත් ක්‍රියාත්මක වුණා.
ලබන පෙබරවාරි පළමුවනදා මේ සම්බන්ධයෙන් රජයේ නිල නිවේදනයක් නිකුත් නිකුත් කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.

පුවත යවන්න