නැවත සමීක්ෂණයෙන් සිසුන් 329කගේ ප්‍රතිඵල වෙනස් වෙයි/ගණිත සිසුවාගේ C සාමාර්ථය A වෙලා

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵලවලට අනුව සිසුන් 329 දෙනෙකු ප්‍රතිඵල වෙනස් වී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

නැවත සමීක්ෂණය සදහා මෙවර අයදුම්පත් 49000ක් පමණ ඉදිරිපත්ව තිබුණා. මේ අතර මහනුවර සිසුවෙක් ගේ C සාමාර්ථය, නැවත සමීක්ෂණයෙන් අනතුරුව A සාමාර්ථයක් දක්වා වෙනස් වීමේ පුවතක් වාර්තා වනවා.

ගණිත අංශයෙන් අපොස උසස් පෙළ විභාගයට පෙනී සිට ඇති මෙම සිසුවාට එම විෂය සඳහා ලැබී තිබුණේ C සාමාර්ථයකි.

රසායනික විද්‍යාව සහ හෞතික විද්‍යාවට A සාමර්ථ ලැබී ඇත.

මෙම ප්‍රතිඵල අනුව සිසුවාගේ ඉසෙඩ් ලකුණ 2.0084 වී ඇති අතර, දිස්ත්‍රික් ශ්‍රේණිගත කිරීම 68 සහ දිවයිනේ ශ්‍රේණිගත කිරීම 966ක් බවට පත්ව තිබුණි.

 

පුවත යවන්න