නිදහස් ඉන්දු පැසිෆික් කලාපයක් වෙනුවෙන් ඔස්ටේ්‍රලියාව සහාය දෙනවා / අගමැති ස්කොට් මොරිසන්

ඉන්දු පැසිෆික් සාගර කලාපය ලෝකයේ අනාගතය තීරණය කරන බව ඔස්ටේ්‍රලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කර ඇත්තේ , ක්වාඩ් එකමුතුවේ සාකච්ජාවට එක්වෙමින්.
ඉන්දියාව, අමෙරිකාව, ඔස්ටේ්‍රලියාව හා ජපානය විසින් ක්වාඩ් එකතුමුව නිර්මාණය කර ගැනීම වැදගත් තීරණයක් බවද ඔහු අවධාරණය කර තිබුණා.
නිදහස් ඉන්දු හා පැසිෆික් කලාපයක් පවත්වාගෙන යාම වැදගත් වන අතර ඊට බාධාමතුවීම වැලැක්විය යුතු බවද ස්කොට් මොරිසන් මහතා පැවසුවා.
අනාගතයේදී කලාපයට එල්ලවිය හැකි තර්ජනන කල් තබා හඳුනා ගැනීම හා ඒවාට සාර්ථකව මුහුණදීම මෙම එකමුතුවේ අරමුණයි.

පුවත යවන්න