නිදහස් දින සමරුවට ආ සිවිල් ආරක්ෂකයකු කොරෝනාවෙන් මරුට

නිදහස් දින පෙළපාළියේ විශේෂ රාජකාරි සඳහා පැමිණි සිවිල් ආරක්ෂක භටයකු කොරෝනා වැලඳී මරණයට පත්ව තිඛෙනවා.
ඒ අයි ඩී එච් රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
මෙය සිවිල් ආරක්ෂක බළකායේ පළමු කොරෝනා මරණයයි.
පසුගිය බ්‍රහස්පතින්දා ඔහු මොණරාගල රෝහලට ඇතුළත් කර ඇති පසුව කළ පරීක්ෂණවලදී හෙළිව තිබුණේ ඔහු කොරෝනා ආසාදිතයකු බවයි.
මේ වන විටත් නිදහස් දින උත්සවයට සහභාගීවූ සිවිල් ආරක්ෂකයන් 50 දෙනකු පමණ කොරෝනා ආසාදිතයන් බවට පත්ව සිටිනවා.

පුවත යවන්න