නිදහස් පක්ෂය තනිව තරඟ කිරීමට සූදානම් / මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

එළඹෙන පළාත් සභා මැතිවරණයේ දී තනි පක්ෂයක් ලෙස තරඟ කිරීමට මේ වනවිට සැලසුම්කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා.

ඔහු පෙන්වාදෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම සඳහා මේ වනවිටත් ගම් මට්ටමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වන බවයි.

මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මෙම අදහස් පළ කළා.

“පක්ෂයක් විදිහට අපිට තිබෙන ප්‍රධාන අවශ්‍යතාවය තමයි බලය ඇල්ලීම. පළාත් සභා මැතිවරණය ආවොත් ඒකෙදි අපි සූදානම් පක්ෂයක් විදිහට ඉදිරියට යන්න. විශාල ඉල්ලීමක් තියෙනවා වෙනම තරග කිරීම ගැන.”

පුවත යවන්න