ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීම හෝ එහි ව්‍යුහය අත්පත් කර ගැනීම සඳහා
පාස්කු ඉරිදා විමර්ෂණ කොමිසම භාවිත කර ඇතැයි සැක මතුවන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා.
ඔහු මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ මැතිවරණයෙන් පසු නිදහස් පක්ෂය ඉලක්ක කරගත් එවන් ක්‍රියාකාරකම් වර්ධනයවී ඇති බවයි.