නිරෝධානය ඇඳිරි නීතීය ඉවත් කළ ද , සති 02 ක් යන තෙක් කිසිදු දුම්රියක් ධාවනය නොකිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශය පවසයි.
රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ, බස් සේවා ද පළාත් තුළ පමණක් ධාවනයට සැලසුම් කර ඇති බවය.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(29) පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණවලට එළැඹුණු බව ද ඔහු සඳහන් කළේය.
ඒ අනුව, පොදු ප්‍රවාහන සේවාවල රැගෙන යා හැක්කේ ආසන ධාරිතාවට සරිලන මගීන් පිරිසක් පමණක් බව ද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේ ය.