සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිරෝධායන පනතේ බලතල පොලීසිය ඇතුළු ආයතනයන් ට ලබාදී ඇත්තේ එය ඒකාකාරීව ක්‍රියාත්මක කිරීමට බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරනවා.
අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ, වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ, නිරෝධායන පනත යොදා ගනිමින් විරෝධතාකරුවන් පාලනයට ක්‍රියාමාර්ග ගැනිම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරන බවයි.
එක් එක් පුද්ගලයාට හෝ එක් එක් දේශපාලන කණ්ඩායම මත පදනම් ව නිරෝධායන පනත ක්‍රියාත්මක කළ නොහැකි බව ද ඒ මහතා සදහන් කළා.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ලබාදී ඇති නිරෝධායන පනතේ බලපත පොලීසිය ඇතුළු පුද්ගලයින් අවභාවිත කරන්නේ නම් රට තුළ කිසිවිටෙකත් එක් රටක් යන සංකල්පය ක්‍රියාත්මක නොවන බවයි ඔහු පැවසුවේ.
“ඒ නිසා අද අපි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටිනවා නිරෝධායන පනත අවභාවිතය කිරීම, එක් එක් පුද්ගලයාට නීතිය විවිධාකාරයෙන් භාවිතා වීම එසේත් නැතිනම් ජනතාව බියවැද්දීම සඳහා නිරෝධායන නීතිය භාවිත කිරීම වැළැක්වීමට නිරෝධායන පනතේ බලධාරියා ලෙස කටයුතු කරන්න කියලා. එසේ නැතිනම් නිරෝධායන පනතට ජනතාවගේ මේ පිළිබඳ තිබෙන විශ්වාසය නැතිවෙනවා.“