නිවෙස්වල සිටින ආසාදිතයින් සම්බන්ධයෙන් උපදෙස් මාලාවක්

රෝහලක් වෙත රැගෙන යන තෙක් නිවෙස්වල සිටින කොරෝනා ආසාදිතයින් නිරෝධායනය විය යුතු ආකාරය සම්බන්ධ මාර්ගෝපදේශන මාලාව කඩිනමින් නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, රෝහලක් ලැබෙන තෙක් ඔවුන් නිවෙස්වල රඳවා තැබිමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් මෙහිදී උපදෙස් මාලාවක් නිකුත් කරන බවයි.

කොරෝනා රෝගීන් නිවෙස්වල රඳවා ප්‍රතිකාර කිරිමට එම මාර්ගෝපදේශ මලාව සකස් නොකරන බව ද ඔහු සඳහන් කළා.

පුවත යවන්න