නුවරඑළිය දිස්ත්‍රික්කයේ නගර රැසක් ආවරණය කරමින් දැවැන්ත කඩිනම් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් අප්‍රේල් මස 23 වන දින නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය පවසනවා.
මේ යටතේ නුවරඑළිය තුරග තරග පිටිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සංවර්ධනය කර පාපන්දු පිටියක්, මලල ක්‍රීඩා පුහුණු පිටියක්, වොලිබෝල් පිටි 02 ක්, බාස්කට්බෝල් පිටි 02 ක්, ක්‍රිකට් පිටියක්, කේබල් කාර් ව්‍යාපෘතියක්, ඇවිදින මංතීරුවක්, අශ්වරේස් මංතීරුවක් සහ සැණකෙළි සංකීර්ණයක්, අශ්වයින් ගාල් කර තැබීමට ස්ථානයක්, අවන්හල් ජාලයක් ඉදිරිකිරීමට නියමිතයි.
මෙම සියළු ඉදිකිරීම් තුරග තරග පිටිය පිටත ඇති මංතීරුවලට ඇතුළත පිටියේ ඉදිකෙරෙන අතර මෙයට අමතරව ග්‍රෙගරි වැව අසල උණුසුම් ජල තටාකයක් ද ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.
තවද තුරග තරග පිටිය ආශ්රිත ප්‍රදේශයේ කාර් රේස් ධාවන පථයක් ඉදිකිරීමට නියමිතයි.
තුරග තරග පිටියේ අශ්වයින් බලාගන්නා සහ ඒ අවට පදිංචිව සිටින පැල්පත්වාසීන් ඉවත් කර ඔවුන්ට එම පැල්පත් නිවාස වෙනුවට සුදුසු නිවාස ලබාදීමේ වැඩපිළිවෙලක් යෝජිත සංවර්ධන ක්‍රියාවලියට ඇතුළත් කර තිබෙනවා.
මෙහි ඉදිවන කේබල් කාර් ව්‍යාපෘතිය සංචාරකයින්ට නැවුම් අත්දැකීමක් ගෙන එනු ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය විශ්වාසය පළ කළා.
එය නානුඹය සිට නුවරඑළිය දක්වා ඉදිකිරීමට නියමිතයි.
පොළොව මට්ටමට ඉහළින් ගමන් කිරීම තුළින් පරිසරයේ චමත්කාරය විඳ ගැනීමටත්, ඉහළ අහසේ සිට අවට ප්‍රදේශ විවිධ කෝණයන්ගෙන් වෙනස්වන ප්‍රදේශයන් නැරඹීමටත් අවස්ථාව උදාකර දීමේ අරමුණින් මෙම කේබල් කාර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා.