නුවරඑළිය නානු ඔය කේබල් කාර් ව්‍යාපෘතිය කඩිනමින්

නානුඔය සිට නුවරඑළිය දක්වා කේබල් කාර් ව්‍යාපෘතියට අදාළ ඉදිරි කටයුතු කඩිනමින් සිදුකරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
ඔහු කියා සිටියේ ඒ සදහා යුරෝ මිලියන 52ක ආයෝජනයක් සිදුකිරීමට නියමිත බවයි.

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ දිවයින පුරා නව සංචාරක ස්ථාන 6059ක් හදුනාගෙන ඇති බවත්, ඉන් 318ක් නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් බවයි.

මෙම සංචාරක ස්ථාන දෙස් විදෙස් සංචාරකයින් අතර ප්‍රචලිත කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන අතර, නුවරඑළිය කේන්ද්‍ර කරගත් සංචාරක කලාපයක් බවට පත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් ප්‍රකාශ කළා.

පුවත යවන්න