නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු කොරෝනාවට බිළිවෙයි

මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු (89) මහතා මරණයට පත්ව තිබෙනවා.
කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය පැවසුවේ කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබන අතරතුර ඒ මහතා මරණයට පත්වූ බවයි.
ඔහු නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා අයි ඪී එච් රෝහල වෙත මාරුකර යවා තිබුණා.
සයිටම් වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීමට ඔහු මූලික වූ අතර ඒ සම්බන්ධයෙන් මතුවූ දැඩි විරෝධය හමුවේ එම ආයතනය වසා දැමුණා.
ඉන් අනතුරුවයි නෙවිල් ප්‍රනාන්දු රෝහල රජය යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදී තිබුණේ.

පුවත යවන්න