නොරොච්චෝලේ හැදුවත් විදුලි කප්පාදුවක් ? අවසන් තීරණය අද

නොරොච්චොලේ බලාගාරයේ මෙගාවොට් 300ක් ලබා දෙන ජනන යන්ත්‍රයක් අක්‍රීය වූයේ පසුගිය දෙසැම්බර් 03 වනදා යි. එය යථා තත්ත්වයට පත්කර ජාතික විදුලි පද්ධතියට විදුලිය සම්පාදනය කිරීමට මේ වන විට හැකි වී තිබෙනවා. විදුලිය මේ වනතෙක් අඛන්ඩව සැපයුවද ඒ පිළිබද ගැටලු පවතින බවයි අදාළ අංශ පවසන්නේ. ඒ අනුව විදුලි කප්පාදුවක් සිදුවන්නේද නැද්ද  යන්න සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම අද රැස් වී තීරණය කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන එළඹෙන සතියේදී ඉන්දීයන් ඔයිල් සමාගම හරහා සෘජුවම මිළදී ගැනීමට හැකිවන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ඊයේ ප්‍රකාශ කළා. පෞද්ගලික බලාගාර තුළින් කෙටි කාලීනව විදුලිය ලබා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සදහා යෝජනාවක් අද දිනයේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි ඒ මහතා තවදුරටත් පැවසුවේ.

පුවත යවන්න