කොළඹ වරායේ නැංගුරම්ලා තිබූ ඉන්ධන නෞකා තුනක් සඳහා මුදල් ගෙවා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සඳහන් කරයි.
ඒ අනුව නෞකා දෙකකින් රැගෙන ආ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,000ක් සහ සහ බොරතෙල් මෙට්‍රික් ටොන් 100,000ක් ගොඩබෑමේ කටයුතු අද (16) ආරම්භ කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
මීට අමතරව ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක තොගයක්ද ගොඩබෑම් කටයුතු දින 02කට පෙර ආරම්භ කර ඇති අතර එම කටයුතු හෙට (17) උදෑසන විට අවසන් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා සිදු කළ ටිවිටර් සටහනේ සඳහන් වෙයි.
එමෙන්ම තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් සඳහා ගෙවීම් කටයුතු සිදුකිරීමෙන් අනතුරුව එහි ගොඩබෑම් කටයුතු සිදුකිරීමට නියමිත බව ද වාර්තා වෙයි.