පකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවරට ත්රස්ත ප්රහාරයක් එල්ලවිය හැකි බවට බුද්ධි අංශ විසින් වාර්තා කිරීම සමග එහි ආරක්ෂාව තර කර තිබෙනවා.
පකිස්ථානයේ ධවාන් පුවත්පත වාර්තා කළේ , රජයේ ප්රධානීන්, ප්රභූවරුන් , තානාපති අංශ හා චීන ජාතිකයන් මුල් කර ගනිමින් මෙම ආරක්ෂක පියවර ගෙන ඇති බවයි.
පකිස්ථාන පොලිස් ප්රධානීන් විසින් මීට අදාළ අනතුරු ඇඟවීමේ ලිපි අංශ රැසකට යොමුකර ඇතැයිද අදාළ වාර්තා අනාවරණ කළා.
පසුගිය සමයේ හටගත් විරෝධතා හා ත්රස්ත ක්රියාකාරකම් වර්ධනයවීමේ තත්ත්වයන් මෙම අවදානමට මුල්වී ඇති බවයි වාර්තාවන්නේ.