පකිස්ථානයේ චීන ආයෝජනයකට එරෙහිව විරෝධතාවයක්

පකිස්ථානයේ සින්ද් ප්‍රාන්තයේ දූපත් දෙකක් චීන ආයෝජන සඳහා ලබාදීමට පකිස්ථාන රජය ගෙන ඇති තීරණයට එරෙහිව බරපතල මට්ටමේ විරෝධතා ඉදිරිපත් වෙමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසනවා.
පාකිස්තාන දූපත් සංවර්ධන අධිකාරිය යටතේ ඉදිරිපත් කළ නව පනතක් අනුව සින්ද් හි බුඩෝ සහ බුන්ඩල් දූපත් අත්පත් කර ගත් බවත් එය චීනයට පැවරීමේ උත්සාහයක් පවතින බවත් විරෝධතාකරුවන් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව ණය නැවත ගෙවාගත නොහැකි වූ විට ලංකාවේ හා කෙන්යාවේ මෙන් වරායන් හෝ දූපත් හිලව් කර ගැනීම සිදුවිය හැක බවටද චෝදනා එල්ලවනවා.
එබැවින් වහාම මෙම වැඩපිළිවෙල අත්හිටුවන ලෙසයි ඔවුන් පකිස්ථාන රජයට දන්වා ඇත්තේ.
කෙසේ වෙතත් සින්ද් ප්‍රාන්තය පකිස්ථානයෙන් වෙන්වී වෙනම රටක් බවට පත්වීමට උත්සාහ දරමින් සිටිනවා.
එම කලාපයේ කෝටි 3ක පිරිසක් වාසය කරන අතර ඔවුන් ඉන්දියාවට වඩාත් ලැදි පිරිසක් ලෙසයි නම් කර ඇත්තේ.

පුවත යවන්න