පකිස්ථානය ඉන්දියාවෙන් කොරෝනා එන්නත ඉල්ලයි ද?

කොරෝනා එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් පකිස්ථානය බරපතල අර්බුධයකට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.
ඒ කොරෝනා එන්නත් ඇණවුම් කිරීමට ප්‍රමාදවීම මත ප්‍රමාණවත් මට්ටමේ එන්නත් හදිසියේ ලබා ගැනීමට එරටට සිදුවීම මත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
ඉන්දියාව මගින් ලබාදෙන එන්නත් ලබා ගැනීමට පකිස්ථානය උනන්දුවක් දක්වා නොමැති අතර ඒ හේතුවෙන් ජාත්‍යන්තරයේ ඉහළ මිලකට එන්නත් ලබා ගැනීමේ අර්බුධයකට ද එරට ලක්ව සිටිනවා.
කෙසේ වෙතත් පකිස්ථාන මාධ්‍ය වාර්තා පවසන්නේ එන්නත් වෙනුවෙන් ඩොලර් මිලියන 150ක් වෙන් කිරීමට පසුගිය දෙසැම්බර් මාසයේ දී පකිස්ථානය කටයුතු කළ බවයි.
එහෙත් ඇණවුම් කිරීමේ ප්‍රමාදයක් පැවතිය ද එය ඉක්මනින් නිවැරදි කරන බවයි ප්‍රකාශ වී ඇත්තේ.

පුවත යවන්න