පකිස්ථාන අගමැතිගේ සංචාරයේදී ,ආරක්ෂක සබඳතා වැඩි කර ගැනීමේ එකඟතා

ශ්‍රී ලංකාවේ සිදුකරන පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ නිල සංචාරයේදී ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් ගණනාවක් අත්සන් කිරීමට නියමිතව තිබෙනවා.
ආරක්ෂක හා සංස්කෘතික යන අංශවලට අදාළව ද මෙම ගිවිසුම් අත්සන් තැබීමට නියමිතයි.
පාකිස්තාන විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පකිස්ථාන අගමැතිවරයා සමග එරට තැබිනට් මණ්ඩල සාමාජිකයන් පිරිසක් ද මෙම සංචාරයට එක්වන බවයි.
සංචාරය තුල පකිස්ථාන අගමැතිවරයා ,ජනපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සමග ද සාකච්ජා පැවැත්වීමට නියමිතයි.

 

පුවත යවන්න