ගතවූ දිනයේ පකිස්ථානයේ හටගත් ඒකක 6.5 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනය හේතුවෙන් පුද්ගලයන් 13දෙනෙකු මිය ගොස් තවත් 160 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ජාත්‍යන්තර සදහන් කළා.
භූ කම්පනයේ අපිකේන්ද්‍රය ඇෆ්ගනිස්ථානයේ හින්දුකුෂ් ප්‍රදේශය වූ අතර එහි ගැඹුර කිලෝමීටර් 180 ක් වූ බව පාකිස්තාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා.
ලාහෝර්, ඉස්ලාමාබාද්, රාවල්පින්ඩි, ක්වෙටා, පෙෂාවර්, කොහාට්, ලක්කි මර්වාට් සහ රටේ අනෙකුත් ප්‍රදේශවලට භූකම්පනය දැනී තිබෙනවා.
ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍ය අබ්දුල් කදීර් පටෙල්ගේ උපදෙස් මත අගනුවර රෝහල්වල හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති බව ද එක්ස්ප්‍රස් ට්‍රිබියුන් වාර්තා කළා.
ජාත්‍යන්තර භූ කම්පන මධ්‍යස්ථානයට අනුව, පාකිස්තානයට අමතරව ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, තුර්කිමේනිස්ථානය, කසකස්තානය, ටජිකිස්තානය, උස්බෙකිස්තානය, චීනය සහ කිර්ගිස්තානය යන රටවලට ද කම්පන තත්ත්වයන් මතුව තිබෙනවා.