පකිස්ථාන රජයේ සාකච්ජා ඉල්ලීම විපක්ෂය ප්‍රතික්ෂේප කරයි

පකිස්ථාන රජය විසින් සාකච්ජා සඳහා කළ ඉල්ලීම එරට විපක්ෂය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
නවාස් ෂරීෆ් නායකත්වය දරන පකිස්ථාන මුස්ලිම් ලීගයේ උප සභාපති මර්යම් නවාස් පැවසුවේ එරට අගමැති ඉම්රාන් ඛාන් සමඟ කිසිදු එකගතාවයකට විපක්ෂය නොඑළඹෙන බවයි.
මේ වන විටත් පකිස්ථාන අගමැතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමටද එරට පක්ෂ කිහිපයක් සූදානමින් පසුවනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මර්යම් නවාස් කියා සිටියේ පකිස්ථානය අසාර්ථක රාජ්‍යයක් බවට පත්වීමේ මට්ටමට ගමන් කරමින් පවතින බවයි.
එරටට එරෙහි විදෙස් බලපෑම් වර්ධනයවී ඇතැයි ද ඇය ප්‍රකාශ කළා.
එහි වගකීම පකිස්ථාන රජය භාරගත යුතු බවටයි එරට විපක්ෂය චෝදනා කරන්නේ.

පුවත යවන්න