පරිභෝජනයට නුසුදුසු සහල් කන්ටේනර 100ක් කොළඹ වරායේ

පාරිභෝජනයට නුසුදුසු සහල් කන්ටේනර් 100 ක් පමණ කොළඹ වරායේ ගබඩාවල ඇති බව ආනාවරණය වී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, එම කන්ටේනර්වලින් 40 ක් අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය විසින් පරීක්ෂා කර ඇති බවයි.

ඒවා මිනිස් පාරිභෝජනයට නුසුදුසු බවට රස පරික්ෂක දෙපාර්තමේන්තුවට යවා සිදුකළ පරීක්ෂණවලදි අනාවරණය වී තිබෙනවා.

තවත් කන්ටේනර් 09 වරායෙන් නිදහස් කර වත්තල ප්‍රදේශයේ ගබඩාවක රැගෙන ගොස් එහි තිබූ සහල් තොගයේ කෘමීන් ඉවත් කර ඇති බව ද ආනාවරණය කෙරුණා.

මෙලෙස පාරිභෝජනයට නුසුදුසු බවට සනාථ වූ සහල් තොගය 2019 වර්ෂයේ පාකිස්ථානයේ සිට මෙරටට රැගෙන විත් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ එම උසස් නිලධාරියා සදහන් කළා.

පුවත යවන්න