පහර දෙන්නේ යුක්රේනයේ හමුදා ඉලක්කවලටයි / රුසියාවෙන් නිවේදනයක්

රුසියානු හමුදා විසින් කෲස් මිසයිල එල්ල කරනු ලබන්නේ යුක්රේනයේ හමුදා මර්මස්ථාන වෙත පමණක් බව රුසියාව නිවේදනය කර තිබෙනවා.
මෙම ප්‍රහාරවලදී සිවිල් වැසියන්ට හානි නොවන පරිදි ඉතා නිරවද්‍ය අවි පමණක් යොදා ගනිමින් පවතින බවයි රුසියාව පවසන්නේ.
මෙහිදී නගරවෙත පහර නොදෙන බවද රුසියානු රජය අවධාරණය කළා.
මේ වන විටත් යුක්රේන අගනුවර හමුදා මූලස්ථානයට හා දේශසීමා ආරක්ෂක මධ්‍යස්ථාන වෙත රුසියානු මිසයිල එල්ලවී පවතින බවයි යුක්රේන ජනපතිවරයා සදහන් කළේ.
ඒ අනුව වහාම රුසියාවට එරෙහිව පියවර ගැනීම සදහා යුධ නීතිය පනවන ලෙස ඔහු ජගත් සංවිධානයෙන් ඉල්ලීමක් කළා.

පුවත යවන්න