පළමු ආණ්ඩුකරු විසූ – ඩොරික් බංගලාව – Doric Bungalow

අද අපේ කතාව අතීතයේ අභිමානවත් ව පැවති වර්තමානයේ ගරාවැටෙමින් යන නටඹුන් පමණක් දැකිය හැකි අතීත බංගලාවක් ගැන.

ඒ මන්නාරම් වෙරළ තීරයේ 1800 ගණන්වල ඉදි වූ මෙරට පැවැති මනස්කාන්තම නිවහන වන ‘ඩොරික් බංගලාව’ ගැනයි.

මෙහි ජායාරූප එකතුවේ මේ මාලිගාවේ මුල් ස්වරූපය පෙන්නුම් කෙරෙන පින්තූරයකුත් තියෙනවා.

ඒක දැක්කම හිතෙයී මේ ඒ තැනමද කියල

No description available.

මම මේ ඩොරික් බංගලාව ගැන මුලින්ම ඉතිහාසය කියන්නම්…

ඔයාලා දන්නව ද මෙරට පාලනය කළ ප්රථම බ්රිතාන්ය ආණ්ඩුකාරවරයා වූ ෆෙඩ්රික් නෝර්ත් මහතා නැවතී සිටි නිවහන මෙය බවට විශ්වාස කරනවා. ග්රීක ව්යවහාරයක් වන ‘ඩොරික්’ යන්නෙහි අදහස වන්නේ දැවැන්ත කුළුණු සහිත ආරුක්කුවලින් සමන්විත වීමයි. එම අර්තයෙන් මෙයට ඩොරික් බංගලාව කියන නම වැටිලා තියෙනවා…

ග්රීක සම්ප්රදායට මෙම ගොඩනැගිල්ල ෆෙඩ්රික් නොර්ත් මහතාගේම සැලසුමකට අනුව ඉදිකර වූ බව ද කියැවේ.. මන්නාරම සිලාවතුර ප්රදේශයේ වෙරළ තීරයේ ගල් පර්වතයක් මත ඉදිකර ඇති ඩොරික් මන්දිරයේ ඉතිරිව ඇති ගොඩනැගිලි කොටස් ද බරපතල ලෙස මුහුදු ඛාදනයට ලක් වෙමින් පැවතීම කණගාටුවට කරුණකී..

No description available.

එවක මෙම බංගලාවේ පහත මාලය කාමර හතරකින් හා විශාල සාලයක් සහිතව තිබූ අතර ඉහල මාලය ද නිදන කාමරයකින් යුක්ත විය.

1804 දී ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල පිළිබඳව 1807 දී ජේම්ස් කොඩිනර් පියතුමන් විසින් රචිත Description of ceylon කෘතියෙහි සඳහන් වන්නේ ‘‘එය අවිවාදයෙන්ම මේ දිවයිනේ පිහිටි මනස්කාන්තම නිවහන වන අතර ගෘහ සැලසුම් ශිල්පයට අනුව නිමවන ලද එකම ඉදිකිරීම විය හැකිය.’’ යනුවෙනි…

No description available.

ඇත්තටම මෙම නටඹුන් දැකීමෙන් පෙනී යන්නේ මන්නාරමට වැටෙන අධික අව් රශ්මිය මේ දැවැන්ත ගොඩනැගිල්ලේ දැවැන්ත ගඩොල් බිත්තිවලින්, සිසිල්කර තිබෙන්නට ඇති බවයි.

වසර 220ක් පමණ පැරණි මෙය, ජාතික උරුමයක් ලෙස ආරක්ෂා කළ යුතු වුවත් අද වන විට ගොඩනැගිල්ලේ බටහිර බිත්ති රැසක් මූදට පෙරළී තිබෙනවා.. පුරාවිද්යා දෙපාර්තමේන්තුව මගින් මෙය පුරාවිද්යා ස්ථානයක් ලෙස නම්කර ඇති මුත් සංරක්ෂණ වැඩ පිළිවෙළක් නම් අපිට දකින්න ලැබෙන්නෑ… දමිළ බසින් ‘අල්ලේ රාණි කොටුව’ යනුවෙන් හැඳින් වූ මෙම බංගලාව ත්රස්තවාදී බලපෑම් වලට නම් නතු වෙලා නෑ…

No description available.

No description available.

No description available.

No description available.

පුවත යවන්න