කොරෝනා මර්දන එන්නත ලබා දුන් පුද්ගලයින්ගෙන් ඉතා සුළු පිරිසකට ද වෛරසය , ආසාදනය වීමේ අවදානමක් ඇතැයි, කොවිඩ් රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසනවා.
රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවේ, පළමු මාත්රාවවෙන් පසු ප්‍රතිදේහ නිපදවීමට සති 3ක පමණ කාලයක් ගත වන බැවින් එම කාලය අතරතුර වෛරසය වැළඳිය හැකි බවයි.
පළමු මාත්‍රාවෙන් ආවරණය ඇත්තේ, 62%කට පමණ ප්‍රමාණයකට බව ද අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළා.
පළමු එන්නත් මාත්‍රාව ලබා ගත් සුළු පිරිසකට කෝවිඩ් වැළඳී ඇති බවට වාර්තා වී ඇති බවත් එය සැලකිය යුතු සංඛ්‍යාවක් නොවන බව ත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.