පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මාසය පමණ වනවිට පැවැත්වීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පවසයි.
පළාත් පාලන මැතිවරණය 2018 පැවති අතර 2022 දී කාලය අවසන්වීමට නියමිතව තිබූ නමුත් ඇමතිවරයාට ඇති බලතල යටතේ 2023 දක්වා එහි කාලය දීර්ඝ කරනු ලැබීය. කෙසේවෙතත් මැතිවරණ කොමිසමට ඇති බලතල යටතේ සැප්තැම්බර් 20න් පසු පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පැවැත්වීමට හැකියාව ඇති බව එහි සභාපති නීතිඥ පුංචිහේවා පවසයි.
ඡන්ද හිමි නාම ලේඛන ඔක්තෝම්බර් 31 වන දිනෙන් සහතික කරනු ලබන නිසා ඉන්පසුව දිනකදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බව ඔහු අවධාරණය කරයි.
ගිය වර පළාත්පාලන මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන 05ක මුදලක් වැය වූ අතර මෙවර එම මුදල මිලියන 08ත් 10ත් අතර වනු ඇතැයි පැවසේ.