අද (13) මධ්‍යම රාත්‍රියේ සිට සති දෙකක කාලයක් සඳහා පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන් තහනම් කරන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති කොවිඩ් -19 පැතිරීම වැළක්වීම පිළිබඳ කාර්ය සාධක බළකා රැස්වීමේ දී ගත් තීරණ දැනුම්දෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළා.
එමෙන්ම පළාත් අතර පොදු ප්‍රවාහන සේවාද අත්හිටුවීමට නියමිතයි.
කෙසේවෙතත් පළාත් අතර සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කෙරුණ ද බැංකු, කෘෂිකර්ම, සංචාරක, වරාය සහ ඇඟලුම් කර්මාන්ත ඇතුළු අත්‍යවශ්‍ය සේවාවලට පළාත් අතර සංචරණය සඳහා අවසර හිමිවනවා.
රාජ්‍ය පුද්ගලික දෙඅංශයේ කාර්යමණ්ඩල සේවයට කැඳවීමේදී අවශ්‍යතාව අනුව අදාළ පළාතෙන් පිට පදිංචි සේවකයන් කැඳවීමේ බලය ආයතන ප්‍රධානීන්ට පවරා තිබෙනවා.
පුද්ගලික ව්‍යාපාරික ආයතනවල කාර්යමණ්ඩල සේවයට කැඳවිය යුත්තේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව සේවා ස්ථානයේ ඉඩ ප්‍රමාණය සැලකිල්ලට ගනිමිනුයි.
මේ අතර කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ගත් බවට සහතිකයක් නොමැති වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ව පොදු ස්ථානවලදී පරීක්ෂා කිරීම ලබන සැප්තැම්බර් 15වන දිනෙන් පසු සිදුකිරීමට ද මෙහිදී තීරණය වී තිතිබෙනවා.
එමෙන්ම අවන්හල්, සාප්පු සංකීර්ණ, සහ වෙළෙඳසැල් පවත්වාගෙන යෑමේදී ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කළයුතු බවද යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.