පළාත් සංචරණ සීමා උල්ලංඝණය කරමින් ධාවනය කළ බස් රථ 3ක් කරදියනාරු ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන ඇති අතර ඉන් එක් බස් රථයක රැදී සිටි 3 දෙනකු කොරෝනා ආසාදිතයන් බව හඳුනාගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, එම බස් රථ තුනෙහි රියැදුරුවරුන් සහ කොන්දොස්තරවරුන් ද අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ බස් රථ තුනේ මගීන් 49 දෙනෙකු පමණ සිට ඇති අතර ඔවුන් කොවිඩ් පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.
ආසාදිතයින් සිටි බස් රථයේ අනෙක් පුද්ගලයින් 17 දෙනා සෞඛ්‍ය බලධාරීන් විසින් නිරෝධායනයට යොමු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.