පළාත් සභා මැතිවරණය නව ක්‍රමයට පැවැත්විය යුතුයි – ශ්‍රීලනිපය කියයි

ඉදිරි පළාත් සභා මැතිවරණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව පනත් කෙටුම්පතට අනුව පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
එහි මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ, ඒ පිළිබඳ සාකච්ජා කිරීමට පක්ෂ මධ්‍යම කාරක සභාව ලබන 30 වැනි දා රැස්වන බවයි.
දැනට මහජන නියෝජිතයින්ගෙන තොරව ක්‍රියාත්මක වන පළාත් සභා සක්‍රීය කිරීම සඳහා මැතිවරණය නව හෝ පැරණි යන ක්‍රමන ක්‍රමයකට හෝ කඩිනමින් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමු‍ණේ මතයයි.
එහි මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ, පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ගනු ලබන ඕනැම තීරණයකට තම පක්ෂය එකඟ බවයි.
මේ අතර පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමවේදයට පැවැත්වීම සිය පක්ෂයේ බහුතර මතය බව සමගි ජන බලගවේගය පවසනවා.
එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායනක මහතා සඳහන් කළේ, පක්ෂය මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ජා කරන බවයි.
මේ අතර පළාත් පාලන මැතිවරණ ක්‍රමය සමාලෝචනය කර නව මැතිවරණ ක්‍රමයක් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව සහ සියලුම පළාත් සභාවල ප්‍රධාන ලේකම්වරුන්, පළාත් පාලන කොමසාරිස්වරුන් අතර සාකච්ජාවක් හෙට පැවැත්වීමට නියමිතයි.

පුවත යවන්න