රට තුල පවතින වාතාවරණය තුළ පළාත් සභා මැතිවරණය මේ මොහොත් පැවැත්විය නොහැකි බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.
පාදුක්ක ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා පැවසුවේ පළාත් සබා මැතිවරණයට පෙර විසදා ගත යුතු ගැටලු රාශියක් පවතින බවයි.
මේ නීතිමය ගැටලුවට ප්‍රථමයෙන් උත්තර සෙවිය යුතුයි. ඒ උත්තරය ලබාදීම මගින් තමයි එම මැතිවරණය තියෙනවා නම් තියන්න පුළුවන් පරිසරයක් ඇති වෙන්නේ. මොන ක්‍රමය වුණත් මේ දැනට තියෙන තත්ත්වය අනුව නම් පළාත් සභා තියන්න බෑ.
මේ අතර පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්වීම සඳහා රජය ගෙන ඇති තීරණයට දැඩි විරෝධය පළ කරන බව නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.
සංඝරත්නයේ විරෝධය නොතකා පළාත් සභා මැතිවරණය පැවැත්වූවහොත් ගෙන් ගෙට ගොස් එම සටන අසාර්ථක කරවන්නට දැනටමත් සංවිධානය වී සිටින බවයි උන්වහන්සේ පැවසුවේ.
පළාත් සභා වලින් රටට පලක් නොමැති අතර එය අතහැර රට සංවර්ධනය කළ යුතු බවද උන්වහන්සේ කියා සිටියා.