ප්‍රංශය ගිනි ගැනීම පසුපස සමාජවාදීන් / ප්‍රංශ පොලිසිය හදිසියේ කැදවයි

මතභේදාත්මක විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණවලට එරෙහි විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මකවීම සමඟ ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජෙරල්ඩ් ඩාර්මනින් විසින් පොලිස් නිලධාරීන් 13,000 ක් ප්‍රංශයේ ප්‍රධාන නගරවල ආරක්ෂාවට යොමුකර තිබෙනවා.
මෙම පෙළපාලිවලදී ප්‍රචණ්ඩත්වය ඇවිලවීමට සංවිධානාත්මක පිරිස් කටයුතු කිරීම සමග මෙම පියවර ගෙන තිබෙනවා.
මෙහිදී පොලිස් නිලධාරීන්ගෙන් 5,000 ක් පැරීසියේ රැදවීමට නියමිතයි.
මේ වන විට විරෝධතා මෙහෙයවන්නන් ප්‍රංශෙයේ වාමාංශික කණ්ඩායම් හා රාජ්‍ය විරෝධීන් ලෙස හදුනාගෙන පවතින බවයි ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජෙරල්ඩ් ඩාර්මනින් කියා සිටියේ.
ප්‍රංශය අස්ථාවර කිරීම සහ ප්‍රංශය තුල ලේ වැගිරීමක් මගින් බලය හිමිකර ගැනීමේ කුමන්ත්‍රණයක් මෙහි දී සිදුවන බවද හෙළිකර තිබුණා.
විශ‍්‍රාම වයස අවුරුදු 62 සිට 64 දක්වා වැඩි කිරීමේ පනතක් සම්මත කිරීමට ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් කටයුතු කිරීම සමග ප්‍රංශයේ මෙම අර්බුධය මතුව තිබුණා.

පුවත යවන්න