ප්‍රජාතන්ත්‍රවාදය වැනසීමට ජනපති හා ආණ්ඩුව කුමන්ත්‍රණයක-විපක්ෂනායකගෙන් චෝදනා

මෙරට තුල ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතිය විනාශ කිරීමේ මෙහෙයුමේ නායකත්වය දරන්නේ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද කොළඹදී ප්‍රකාශ කළා.
මෙම ක්‍රියාවලය රට තුල නව අර්බුධ රැසක් මතුකරනු ඇති බවයි විපක්ෂනායකවරයා සදහන් කළේ.
ඒ අනුව නව අර්බුධ රැසක් ඇති වන්නට පෙර මැතිවරණය පවත්වන්නැයි ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවත් විපක්ෂ නායකවරයා සදහන් කළා.

මූලික අයිතියක් වන ඡන්ද බලය සම්පූර්ණයෙන්ම නොතකා හරිමින් පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමට කුමන්ත්‍රණයක් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ක්‍රියාත්මක කර ඇති බවත් පාර්ලිමේන්තුවේ විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් සජිත් ප්‍රේමදාස සදහන් කළා.

ව්‍යවස්ථාදායක අර්බුධයක් බිහි කිරීම තුළින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය දැඩි උත්සාහයක නිරත වන බවත් එම උත්සාහ දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කරනු ලැබුවා.

පුවත යවන්න