දුෂ්කර කාල පරිච්ඡේදයක ප්‍රශ්න දරාගැනීම ගැන තමා රටේ සමස්ත ජනතාවට ස්තූතිය පළ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
“ඩොලර් පිළිබඳ තිබෙන හිඟය විසඳන්න තමා දැන් IMF කණ්ඩායම් එක්ක සාකච්ඡා කරගෙන යන්නේ. ඊට පෙර අපිට තියෙනවා අපේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න. අපිට ඒ දැනුම නැති නිසා “ලසාඩ්” සහ “ක්ලිෆඩ් චාන්ස්” සමාගම්වලින් උපදේශකවරු ලබලා තියෙනවා. ඒ අය අද ලංකාවට ඇවිල්ලා තියෙනවා. එහෙම නම් අපි බලාපොරොත්තු වෙන්නේ මේ වැඩකටයුතු ජූනි මාසයේ අවසන් වෙද්දි අවසන් කරන්න. ඊයේ වොෂිංටන් ධවන මන්දිරයේ තානාපතිවරුන්ගේ සාකච්ඡාවක් තිබුණා. ඒකෙදි බයිඩන් ජනාධිපතිතුමා අපේ තානාපතිතුමාට කිව්වා ලංකාවට සහයෝගය දෙනවා කියලා. එහෙම නම් අමෙරිකාවත් මේකට එකතුවීම ගැන අපි විශේෂයෙන්ම සන්තෝෂ වෙනවා. ඒ අයට ස්තූති කරනවා. ඉන්දියාවේ ඊළඟ ඩොලර් මිලියන 500ක් තෙල් ගන්න ණයක් අපි බලාපොරොත්තු වෙනවා. ඉක්මනින් ඒ පිළිබඳ ගිවිසුම අත්සන් කරනවා. මේ ගිවිසුම් අත්සන් කරලා මුදල් ලබාගත්තාම අපේ ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයට ගේනවා. එතකල් මම දන්නවා ඔබ සියලුදෙනාටම දුෂ්කර කාල තියෙනවා. ප්‍රශ්න ඇති වෙනවා. ඒත් මේ ප්‍රශ්නවලට මුහුණදෙන එකත් ඒක දරා ගන්න එක ගැනත් සියලුදෙනාටම ස්තූති කරනවා.”