ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනයට සම්බන්ධ සියලු වරදකරුවන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු කැබිනට් රැස්වීමේ දී එකඟතාවයකට එළඹ තිබෙනවා.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 8 දෙනෙකු අද අත්අඩංගුවට ගත් බව පන්ජාබ් පොලීසිය පවසනවා.
ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අද අත්අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙනා එරට ත්‍රස්ත මර්දන අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ඔවුන් දින 15 ක් රඳවා තබාගැනීමට පොලීසියට අවසර ලබාදීමටයි අධිකරණය කටයුතු කළේ. මේ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සැකකරුවන් සංඛ්‍යාව 139 ක්. ඉන් 34 දෙනෙකුම ප්‍රධාන සැකකරුවන්. CCTV දර්ශන සහ දුරකතන සංවාද ඔස්සේ තවත් සැකකරුවන් 4 දෙනෙකු හඳුනා ගැනීමට පන්ජාබ් පොලීසියට හැකිවී තිබෙනවා. ඉන් වැඩිදෙනා අදාළ කර්මාන්ත ශාලාව පිහිටා ඇති සියල්කෝට් ගම්මානයේ වැසියන් බවයි පොලීසිය පවසන්නේ. ඔවුන් ද අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි. සබුර් බට් නමැති සැකකරු මෙම ඝාතනයට කම්හලේ සේවකයින් උසිගන්වා ඇති බවයි පොලීසිය පවසන්නේ. ඝාතනය සිදුවීමට පෙර ඔහු ප්‍රියන්ත කුමාර සමඟ සිටින ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන ද පොලීසිය වෙත ලැබී තිබෙනවා.