පානදුර නගර සීමාවේ පිහිටි පාසල්වල විදුල්පතිවරයකු, ගුරුවරුන් සහ දරුවන් රැසක් කොරෝනා ආසාදිතයන් බවට පත්වීමෙන් පාසල් කීපයකම අංශ රැසක් වසා දමා ඇතැයි පානදුර ප්‍රදේශීය සෞඛ්‍ය අංශ අනාවරණ කර තිබෙනවා.
පානදුර නගරයේ පිහිටි ප්‍රධාන පිරිමි පාසලක් ද මෙම තත්ත්වය මතුව පවතින අතර එම පාසලේ ගුරුවරුන් සහ දරුවන් රැසක් කොරෝනා ආසාදිතයන් බවට පත්වීම හේතුවෙන් මීට සතියකට පමණ පෙර එහි පන්ති කීපයක් වසා දැමූ බව ද අනාවරණ කළා.
පානදුර ප්‍රධාන මිශ්‍ර පාසලක ද ගුරුවරුන් කීපදෙනකු කොවිඩ් ආසාදිතයන් වීම මත හෙට (24)සිට එම පාසලේ පංති කීපයක් ද වසා තැබීමට තීරණය කළ බවයි සදහන් කළේ.