පානමට ඔබ්බෙන් මුහුදේ ඒකක 4ක භූ කම්පනයක්

පානමට ඔබ්බෙන් වූ මුහුදේ අද පෙරවරුවේ ඒකක 4 ක මට්ටමේ භූචලනයක් වාර්තා වී ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා.
අද පෙරවරු 11.14 ට පමණ මෙම තත්ත්වය වාර්තා වූ බව තහවුරු කර තිබෙනවා.
පානම සිට කිලෝමීටර් 28ක් දුරින් කිලෝමීටර් 10ක් ගැඹුරු ප්‍රදේශයෙන් මෙම භු කම්පනය වාර්තා වී තිබුණා.

පුවත යවන්න