පාන් මිල වැඩි නොකිරීමට තීරණයක්

පාන් මිල ඉහළ නැංවීමට අවසර ලබා නොදෙන බව සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද පැවසුවා.

පාන් ගෙඩියක් පැවැති මිල වන රුපියල් 60 ට තව දුරටත් අළෙවි කරන බවත් ශ්‍රී ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකින් පසුව මිල වැඩි නොකිරීමට එකඟ වූ බවත් රාජ්‍ය අමාත්‍ය අලගියවන්න කියා සිටියා.

බේකරි හිමියන් මුහුණ දෙන පාම් තෙල් සහ තවත් ද්‍රව්‍ය කීපයක් සම්බන්ධයෙන් සමූපකාරය හරහා විසඳුම් ලබාදීමට ද මෙහිදී එකඟ වූ බවත් පාන් මිල වැඩි වීම ජනජීවිතයට සෘජු බලපෑමක් කරන නිසා රජය මැදිහත් වූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

 

 

පුවත යවන්න