පාපන්දු ලෝක කුසලාන තරගාවලිය 2022 පැවැත්වෙන්නේ කටාර් රාජ්‍යයේය. මේ වන විට කටාර් රාජ්‍යය ලහිලහියේ සූදානම් වන්නේ එළඹෙන වසරේදි පැවැත්වෙන මේ පාපන්දු ලෝක කුසලානය ජයට සමරන්නටය. එහෙත් මේ සුන්දර කතාවේ අසුන්දර කටුක අත්දැකීමක් ලොවට හෙළි කරන්නේ The UK Guardian පුවත්පතය. මේ වන විට එළඹෙන වසරේ පාපන්දු තරගාවලියට සූදානම් වන කටාර් රාජ්‍යය ඒ සඳහා අලුතින්ම පාපන්දු ක්‍රිඩා පිටි 6 ක් තනමින් සිටින්නේ එය තමන්ට ලැබෙන විරල, අනගි අවස්ථාවක් වන නිසාය. 2010 වසරේදි තමන්ට ලැබුණු ඒ අවස්ථාවෙන් පසු කටාර් රාජ්‍ය ඊට අවශ්‍යය ක්‍රිඩා පිටි 6 ක් තැනීමට ඇවැසි ශ්‍රමය ලබා ගන්නේ දකුණු ආසියාතික ශ්‍රමිකයන්ගෙනි. මේ ශ්‍රම ලබා ගැනීම සඳහා සේවා සපයන්නේ දකුණු ආසියාතික රටවලින් හොර රහසේ විදෙස්ගත වූ ලියාපංදිචි නොවූ ශ්‍රමිකයන්ගෙනි. මේ වන විට වසර 10 ක් පුරාවට තනමින් පවතින මෙම සුපිරි පාපන්දු ක්‍රිඩා පිටි ඉඳි කිරීමේ කර්තව්‍ය වෙනුවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඇතුළු දකුණු ආසියාතික ශ්‍රමිකයන් 6751 ක් මේ වන විට සිය දිවියෙන් සමුගෙන ඇති ඛේදනීය පුවත වාර්තා කළේ මෙම The UK Guardian පුවත්පතය. එම පුවත්පත සඳහන් කර ඇති ආකාරයට එයින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ මරණ සංඛ්‍යාව 557 කි.
2022 පාපන්දු ලෝක කුසලානය පැවැත්වීමට ඉදිවෙමින් තිබෙන ක්‍රිඩාංගයක සේවය කරන ශ්‍රමිකයන් පිරිසක් |
2010 වසරේදි කටාර් රාජ්‍යයට ලෝක පාපන්දු කුසලානය හිමි වීමත් සමඟ ඇරඹුණු ක්‍රිඩා පිටි ඉදි කිරීමේ කාර්යයේදී 6751 ක් වූ මියගිය ශ්‍රමිකයන් අතරින් ඉන්දියානු ශ්‍රමිකයන් 2711කි. නේපාල ශ්‍රමිකයන් 1641 කි. බංගලාදේශ ශ්‍රමිකයන් 1018 කි. පකිස්තාන ශ්‍රමිකයන් 824 කි. ශ්‍රි ලාංකික ශ්‍රමිකයන් 557 කි. මෙම ක්‍රිඩා පිටි තැනීමේදී අඩුම ශ්‍රම දායකත්වයක් ලබා දී ඇත්තේ ශ්‍රි ලාංකික ශ්‍රමිකයන් වීමත්, ඒ පිරිසෙන් 557 දෙනෙක් වූ ලාංකිකයන් දිවි අහිමි වීමත් දැඩි ලෙස අවධානයට නතු කළ යුතු කරුණක් වී ඇත. The UK Guardian පුවත්පත මෙම තොරතුරු ලබා ගෙන තිබුණේ Suprime Council of health (Qatar) ආයතනය මඟිනි.
බොහොමයක්ම අන්තර් ජාතික සංවිධාන මේ ශ්‍රම සූරාකෑම දැඩි ලෙස විවේචනය කළ අතර ඔවුන් තර්ක කරන්නේ මෙම ක්‍රිඩාංගණ ඉදිකිරීම වෙනුවෙන් මේ නීති විරෝධි සංක්‍රමණිකයන්ගේ ශ්‍රමය දැඩි ලෙස සූරා කෑමකට ලක් කළ බවකි. FIFA 2022 ලෝක පාපන්දු ලෝක කුසලාන තරගාවලි පැවැත්වෙන ක්‍රිඩාංගණ ඉදි කිරීම වෙනුවෙන් නිම අවසන් කිරිමේ දිනද තීන්දු කර තිබීම නිසා ඊට පෙර ක්‍රීඩාංගණ තැනීම අවසන් කිරිමට ශ්‍රමිකයන් දිනකට විශාල පැය ගණනක් වෙහෙසවීම් සිදු කර ඇති බවද වාර්තා වෙයි.
බොහෝ සංවිධාන පවසන්නේ මේ හේතුවෙන් අනාරක්ෂිතව පැමිණි මේ විදෙස් ශ්‍රමිකයන් අපයෝජනයට ලක් වු බවකි. ගල්ෆ් රාජ්‍යයේ සිටින සංක්‍රමණිකයන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන වල තර්කය වන්නේ මෙම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඉතාම අඩු වැටුපක් වෙනුවෙන් පෙනී සිටි කොටසක් බවයි.
ඔවුන් ක්‍රිඩා පිටි තැනීම වෙනුවෙන් දිනකට දීර්ඝ පැය ගණනක් සේවය කිරීම මෙන්ම ඒ තත්ත්වය යටතේ සිදු වූ වෙහෙසීමේ ප්‍රතිඵලයක් ලෙස හෘදයාබාධ වැනි රෝගවලට නතු වීම මෙහි මරණ බොහෝමයකට හේතුවක් වන බවය. කනගාටුවට කරුණක් වන්නේ මේ බොහෝමයක් මරණ ඒ නිසා වාර්තා වූයේ ස්වභාවික මරණ වශයෙනි. මේ ශ්‍රමිකයන් හදිසි රෝගාබාධයන්ට නතු වූ බව පවසමින් මරණවලට සෘජු හේතුව ඒ රාජ්‍ය විසින්ම මකා දැමීය. එවන් මරණ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ පවා සිදු නොකළ අතර ඒ සිරුරු පවා නැවත ලංකාවට ගෙන්වා ගැනීමේදී දැඩි දුෂ්කරතාවන්ට ලක්වීමට ඥාතීන්ට සිදුවිය.
ඒ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීමකින් තොරව එරට වීසා පහසුකම් නොමැතිව හොර රහසේ සේවය කිරීමක් සිදුකර ඇති නිසාය. කෙසේ වෙතත් ළඟම ඥාතියකු විසින් එම සිරුරු ගෙන්වා දෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලිම් කළ යුතු වුව ද, එසේත් ගෙන්වා ගත නොහැකි වූ සිරුරු එරට වළ දෑමීම් සිදුවන්නේ කිසිවකුටත් නොදැනීය. මන්ද විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් සිය සේවාව ලබා දෙන්නේ ලියාපදිංචි ගිවිසුම්ගත වූ ශ්‍රමිකයන්ට පමණි.
නිල ලාංඡනය |
මේ මරණ සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කරන අන්තර් ජාතික ප්‍රවාහන සේවකයන්ගේ සංගමය පවසන්නේ 2022 පාපන්දු ක්‍රිඩා පිටි තැනීමේ මේ කර්තව්‍ය ගැටලු රැසක් මතු කළ බවකි. නියමිත දිනට පෙර ක්‍රිඩා පිටි තැනීමේ අවශ්‍යතාව මිනිස්කම අබිබවා කටාර් රාජ්‍ය දැඩිව අවධාරණය කළ හෙයින් මෙම අහිංසක ශ්‍රමිකයන් පිළිබඳ කිසිදු තැකීමක් නොකර ඔවුන්ගෙන් සේවය ලබා ගෙන ඇත.
මෙම සංගම් තව දුරටත් තර්ක කරන්නේ මේ දත්ත පිළිබඳව විෂමතා පවතින බවකි. අන්තර් ජාතික කම්කරු සංවිධානය ද මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන අතර ඔවුන්ද පවසන්නේ මෙම විදෙස් ශ්‍රමිකයන්ගේ මරණ පිළිබඳ දත්ත ගැටලු සහගත බවයි. ඒ ඒ රටවලින් අනුමත නොකළ මාර්ග ඔස්සේ විදෙස් රැකියා සොයා යැම, විවිධ පුද්ගල සබඳතා හරහා රට ගොස් මෙම රැකියාවල නියැළීම මෙයට හේතුවක් වන බව මේ සංවිධානයේ මතය වී ඇත්තේය.
ඒ හේතුවෙන් ලංකාවේ රජයට මේ අයගේ සුබසාධනය සම්බන්ධයෙන් ඇති වගකීම ගිලිහි යන්නේය.
ශ්‍රි ලාංකිකයන් ඇතුළු ආසියාතිකයන්ගේ ශ්‍රම සූරා කෑමෙන් සිදු වූ මෙම මරණ ගැන කතා කරන විවිධ සංවිධාන පවසන්නේ මේ විදෙස් සංක්‍රමණිකයන්ගේ සේවාව නොලැබුණේ නම් කටාර්වලට ලෝක කුසලානය පැවැත්වීමට හැකියාව නොලැබෙන බවය. මෙහි කනගාටුදායක කරුණ වී ඇත්තේ මෙසේ පැමිණෙන ශ්‍රමිකයන්ට පැමිණෙන දුෂ්කරතා විඳින්නට සිදු වුවද එයින් ඉවත් විමේ හැකියාවක් නොතිබුණ බවකි. සේවා යෝජකයාගේ අවසරය නොමැතිව ඔවුන්ට තම රැකියවෙන් ඉවත් වීමට කිසිදු අවසරයක් නොලැබී ඇත. මෙසේ කිසිවකුගේ අවධානයකින් තොරව මියගිය මේ ශ්‍රමිකයන් පිළිබඳව ජාත්‍යන්තර සංවිධාන මේ වන විටත් හඬ අවදි කර ඇති හෙයින් කටාර් රාජ්‍යය බිය වී ඇත්තේ ලබන වසරේදි ලෝක පාපන්දු තරගාවලිය පැවැත්වීමට නොහැකි වේද නැද්ද යන්න පිළිබඳවය.
විදෙස්ගත වූ ශ්‍රමිකයන්ගේ ජීවිත මේ වන විට තවත් අඳුරු වී ඇත්තේ කොවිඩ් 19 හේතුවෙනි. මේ වන විටත් විදේශයන්හි සේවය කරන මිලියන් ගණනක් වන ශ්‍රී ලාංකිකයන් අතරින් කීදෙනකු මේ වන විට කොවිඩ්-19 හේතුවෙන් මියගොස් තිබේ ද යන්න පිළිබඳ නිල සංඛ්‍යා ලේඛන සොයාගැනීමට හැකියාවක් නැත්තේ ඒ පිළිබඳ දත්රැස් කිරීමේ අපහසුතාව නිසාය. සාධාරණ තක්සේරුවක් කර බැලූ විට අවම වශයෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 50 ක්වත් මේ වන විට කොරෝනා වයිරසය හේතුවෙන් මිය ගොස් තිබීමට ඉඩ ඇතැයි වාර්තා වෙයි.
නිල නොවන දත්ත අනුව මැද පෙරදිග සේවය කරන ශ්‍රමිකයන් ප්‍රමාණය ලක්ෂ 15ක් පමණ වන අතර, විදේශ සේවා නියුක්ති කාර්යාංශ වාර්තාවලට අනුව විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන් දළ වශයෙන් 90%ක් පමණ මැද පෙරදිග සේවයේ නියුතු ශ්‍රමිකයෝ වෙති. 2020 මැයි වනවිට ශ්‍රී ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුවෙන් ලියාපදිංචි වූ මුළු ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය 38,000ක් වන අතර ඉන් 28,000ක් පමණ විදෙස්ගත ශ්‍රමිකයන් බවය. මෙම මැද පෙරදිග විදේශ ගත ශ්‍රමිකයන් ඉහත සඳහන් පරිදි, අප රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දුන්නද, Covid -19 වසංගතය හමුවේ දහස් ගණනින් රැකියා අහිමිවීමෙන් අද තම පවුල් සමඟ අසරනභාවයට පත් වී ඇත.
“ අපි විදෙස් ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වා ගැනීමේ වැඩ පිළිවෙළ ආරම්භ කළත් කොවිඩ් නිසා එය අතරමඟ නැවතුණා. පසුගිය කාලයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හෝටල් කාමර ලබා ගෙන ඔවුන්ව එහි නිරෝධායනය කළා. මේ වන විට 60,000 ක් ගෙන්වා ගත්තා. තවත් 35,000 ක ශ්‍රමික පිරිසක් ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුවන් ඉන්නවා. ඉදිරියේදි සිදුවන වැඩ පිළිවෙළ තීරණය වන්නේ පවතින කොවිඩ් තත්ත්වය හමුවේ ගන්නා තීන්දු තීරණ මතයි….“ ඒ කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වාය.
කෙසේ වෙතත් කොවිඩ් 19 හමුවේ මොවුන් ගැන හඬ නඟන්නට මේ වන විටත් නොහැකි වි ඇත්තේය. ඔවුන්ගේ අසරණ බව අසන්නට කෙනෙක් නැති වී ඇත්තේය. නැතිබැරි කම උගසට තබමින් නැතිව යන මේ ජිවිත පිළිබඳව වගකිව යුත්තන්ගේ අවධානය යොමු වුවහොත් මිට වඩා යහපත් දිනක් උදා වනු ඇත. –