පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවේ සිය අසුනේ සිටියදීම විපක්ෂ මන්ත්රීවරුන් ගෝඨා ගෝ හෝම් කියමින් උද්ඝෝෂණයක් ආරම්භ කිරීම සමග පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තබා තිබෙනවා.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ සභාව අමතමින් සිටියදී මෙම තත්ත්වය මතුව තිබුණා.
පාර්ලිමේන්තුවේ නොසන්සුන්කාරී තත්වයක් ඇතිවීම නිසා විනාඩි දහයකට පාර්ලිමේන්තුව කල් තබන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන සදහන් කළා.