පාර්ලිමේන්තුව අසලදී විරෝධතාවයේ නිරතව සිටියදී අත්අඩංගුවට ගත් 13දෙනා පෞද්ගලික ඇප මත නිදහස් කිරීමට කඩුවෙල මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
අද පස්වරුවේ මෙම පිරිස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබුණා.
පාර්ලිමේන්තු ප්රධාන පිවිසුම අසලට පැමිණ විරෝධතාවක නිරත වූ මෙම සමාජ ක්රියාකාරීන් අද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.