පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව නේපාලයේ විරෝධතා

පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා හැරීමට එරෙහිව නේපාලයේ හිටපු අග්‍රාමාත්‍යවරුන් තිදෙනෙකු වන පුෂ්ප කමල් දහාල්, මාධව් කුමාර් ජලනාත් කානල් ඇතුලු මන්ත්‍රීවරුන් පිරිසක් කත්මණ්ඩු හි විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.
හිටපු අගමැතිවරුන් වන පුෂ්ප කමාල් දහාල් සහ මාධව් කුමාර් නේපාල කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිවරුන් ලෙසයි කටයුතු කරමින් පවතින්නේ.
නේපාලයේ භාරකාර අගමැති කේ පී ෂර්මා ඔලි පසුගිය දෙසැම්බර් 20 වන දා පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවා.
ඒ අප්‍රේල් 30 වනදා හා මැයි 10 වනදා මීළග මැතිවරණ පවත්වන බව නිවේදනය කරමිනුයි.
කෙසේ වෙතත් මහජන ජන්දයෙන් තේරී පත්වූ රජයක් නියිමිත කාලයට පෙර විසුරුවා හැරීම නීති විරෝධී බවයි විරෝධතාකරුවන් පවසන්නේ.
ඊට එරෙහිව අඛණ්ඩව විරෝධතා සිදුකරන බව ද ඔවුන් අවධාරණය කරනවා.

පුවත යවන්න