පාරිභෝගික අධිකාරිය නින්දෙන් නැගිටී / වැටලීම් අරඹයි

පාලන මිල ඉක්මවා සහල් අලෙවිකරන වෙළෙඳසල් වැටලීමේ මෙහෙයුම් අරඹා ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හෙළිකර තිබෙනවා.

වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධ නඩු පැවරීමේදී වරදකරු වන තනි පුද්ගල ව්‍යාපාරයකට අවම රුපියල් ලක්ෂයක හා උපරිමය රුපියල් ලක්ෂ පහක දඩයක් අධිකරණයට නියම කිරිමට නියමිතයි.

පුද්ගලික සමාගමක් පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළහොත් රුපියල් ලක්ෂ 5ත්, රුපියල් මිලියන 5 ත් අතර දඩ මුදලක් නියම කිරීමට අධිකරණය ට බලයක් ද පවතිනවා.
කෙසේ වෙතත් මිල සීමා කඩ කරමින් සියළුම වර්ගවල භාණ්ඩ මිල පසුගිය සමයේ ඉහළ නැංවූ අතර පාරිභෝගික අධිකාරිය ඊට මැදිහත් නොවීම සමාජයේ දැඩි විවේචනයකට ලක්ව තිබුණා.

පුවත යවන්න