පාසල් පෙළ පොත් මුද්‍රණය සඳහා මේ වසරේදී රුපියල් බිලියන 16.5ක මුදලක් වැය කිරීමට සිදු වූ බවත් මින් පෙර ඒ සඳහා වැය කරනු ලැබුවේ රුපියල් බිලියන 4.5ක් පමණක් බවත් අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.
අභියෝග රැසක් මැද මේ වසරේදී මේ වියදම දැරීමට සිදුව තිබෙන බවත් පාසල් අධ්‍යාපනය වෙනුවෙන් අධ්‍යාපන සංවර්ධන අරමුදලක් පිහිටුවීමට අවධානය යොමුව තිබෙන බවත් ප්‍රේමජයන්ත කීවේය.
අ.පො.ස. උසස් පෙළ – 2021 විභාගයෙන් මුළු රටෙන්ම විශිෂ්ට කුසලතා දැක්වූ සිසු සිසුවියන් ඇගයීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (15) පැවති උත්සවයේදී ඇමැතිවරයා පැවසීය.
අභියෝග රැසක් මැද ජනතාවට අවශ්‍ය දේ සැපයීමට රජයට සිදුව තිබෙන අවස්ථාවක මෙවැනි අරමුදලක් පිහිටුවීමේ අවශ්‍යතාව තදින් දැනෙන බවද පාසල් නිල ඇඳුම් හා අනෙකුත් පාසල් උපකරණ දීම සඳහා පෞද්ගලික අංශය සහාය කර ගනිමින් අවශ්‍ය කටයුතු කෙරෙමින් පවතින බවද ඇමැතිවරයා පැවසීය.