පාසලේ දරුවන්ගේ ආහාර දීමනාවෙන් සාදයක් පැවැත්වූ විදුහල්පතිනිය ගැන විමර්ශන

පාසලේ දරුවන් සදහා ලබාදෙන ආහාර දීමනාවෙන් විදුහල්පතිනියක සිය සැමියාගේ උපන්දින සාදයට කෑම ලබාගෙන ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සොබැලීමට අද එම විදුහලට ගොස් පරික්ෂණ කටයුතු ආරම්භ කළ බව හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ යමුනා ගීතාංජලී මහත්මිය පවසනවා.

අද දිනයේ විදුහලට ගොස් විදුහල්පතිනයෙන් සහ තවත් කීප දෙනකුගෙන් ප්‍රකාශ ලබාගත් බවයි යමුනා ගීතාංජලී මහත්මිය කියා සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාව අධ්‍යාපන බලධාරීන් වෙත ලබාදීමට නියමිතයි.

පාසලේ දරුවන් සඳහා ආහාර ලබාදීම දෛනික මට්ටමින් සිදුකිරීමට ලබාදුන් දීමනාව (රුපියල් 72,000)යොදා ගනිමින් එම ආහාර සපයන පුද්ගලයන් ලවා උපන්දින සාදයකට ආහාර හා රස කැවිලි ලබාගත් බවට චෝදනා එල්ලවී තිබුණා.

එම දිනයේ දී පාසලේ දරුවන්ට ආහාර ලබා නොදෙන බැවින් නිවසින් ආහාර රැගෙන ඒමට දැනුම් දී තිබූ බවයි හෙළිවී ඇත්තේ.

පුවත යවන්න