පාස්කු ඉරිදා කොමිසමේ වාර්තාවෙන් හිටපු අගමැතිට චෝදනා නෑ

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ෂණ සිදුකළ ජනාධිපති කොමිසමේ වාර්තාව මගින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ චෝදනා ඉදිරිපත් කිරීම නිර්දේශ කර නොමැති බව “ද මෝනින් “පුවත්පත වාර්තාකර තිබෙනවා.
එහි දැක්වෙන්නේ හිටපු අගමැතිවරයාටද අපරාධ චෝදනා ගොනුකිරීමට නියම කර ඇතැයි පසුගිය දිනවල පළවූ වාර්තා නිවැරදි නොවන බවයි.
2020 ඔක්තෝම්බර් මාසයේදී කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය සහ 2018 ඔක්තෝබර් 26 දින හදිසියේ සිදු වූ ආණ්ඩු වෙනස්වීමෙන් පසු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමට තමන්ට ආරාධනා නොකළ බවයි.
කෙසේ වෙතත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනමහතා පත් කළ කොමිසම විසින්ම ඔහුට සහ එවකටආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ එවකට පොලිස් ප්‍රධානී පුජිත් ජයසුන්දර යන අයට එරෙහිව අපරාධ චෝදනා ඉදිරිපත් කිරීමට නිර්දේශ කර ඇති බව මෙම වාර්තාව තහවුරු කර තිබෙනවා.
කොමිසම විසින් සිය ධුර කාලය තුළ පුද්ගලයන් 440 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙනයි මෙම වාර්තාව සකස් කර තිබුණේ.

පුවත යවන්න