පාස්කු කොමිසම් වාර්තාවේ වගකීම ආණ්ඩුව භාරගන්නේ නැහැ / ඇමති කෙහෙළිය

2019 පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ වගකීම ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව හෝ භාර නොගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද අවධාරණය කළා.

අද (02) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ එහි හරි වැරුද්ද භාරගැනීමට රජය සූදානම් නොමැති බවයි.

“සාධාරණය ඉටුවුණේ නැත්නම් ඒ සම්බන්ධයෙන් රජය CID, TID දෙකටම දන්වලා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරගෙන යනවා. කොමිෂන් සභාවේ තියෙන වාර්තාවන් එක කණ්ඩායමකට අවාසිදායක තත්ත්වයකට නිර්මාණය වෙලා තියෙනවා කියන එක, ඒක ස්වාධීන කොමිෂන් සභාවක්. ඒ සම්බන්ධයෙන් වගකීම පක්ෂයක් හෝ රජය, ජනාධිපති, අගමැති, කැබිනට මණ්ඩලය හෝ මන්ත්‍රී කණ්ඩායම කොහෙත්ම භාර ගන්නේ නෑ. අපි ඒක ප්‍රතික්ෂේප කරනවා.

පුවත යවන්න