පාස්කු ප්‍රහාරය පිටුපස යම් දේශපාලන බලවේගයක් ක්‍රියාත්මක වූයේදැයි සොයා බැලීමට කොමිසමක් පත් කළ යුතු බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
පාස්කු ප්‍රහාරය පිළිබද සොයා ලැබීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
ඇතැම් විදේස් රටවල අවශ්‍යතාවය මත මෙවැනි ප්‍රහාරයක් සිදුවූයේදැයි සොයා බැලිය යුතු බවයි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේ.
එමෙන්ම ප්‍රථමික මට්ටමේ සිටි සහරාන් වැනි ත්රස්තවාදීන්ට බෝම්භ පිරිරවීමට අවශ්‍ය පසුබිම සකස් වුයේ කෙසේදැයි විමර්ශනය කළ යුතු බවයි අමාත්‍යවරයාගේ මතය වන්නේ.